කැණිමඩල
තනියම පිට වෙලා යන දිගු ගමනක අතරමැද මොහොතක්...
Friday, January 13, 2017
භාෂාවේ කාර්යභාරය
මානව සමාජය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ "භාෂාව" නිසාවෙනි.මානව සමාජයේ සම්බන්ධතාවයන් බිද නොවෙටී පවත්වාගෙන යාමට භාෂාව ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරයි.
භාෂාව පුද්ගල හැගීම් කියාපායි
මෙයින් අර්ථවත් කරනුයේ භාව ප්රකාශනයක් සිදු කිරිමයි. භාවයන් යනු සිත තුළ ඇතිවන හැගීම්ය.දුක,සතුට,කදුල ආදිය නිදසුන් වේ. මෙලෙසට හැදින්වෙනව විවිධ හැගීම් ප්‍රකාශ කිරීම සදහා මාධ්‍යයක් ලෙසට භාෂාව භාවිතා කරනු ලැබේ.
භාෂාව තොරතුරු ගෙනදේ
සෑම මොහොතකම ලෝකයේ යමක් සිදුවේ.එසේ සිදුවන දේවල් අනෙකාට දැන්වීමට මිනිසා ආශා කරනු ලබයි.භාෂාවකින් තොරව සංයා භාවිතයෙන්ද තොරතුරු අදහස් ලබාදිය හැකි වුවද තොරතුරු දැක්වීමෙදී ප්‍රදාන කාර්යභාරයක් පැවරෙන්නේ "භාෂාවයි".
භාෂාව දැනුම සපයයි .
මානව ශිෂ්ඨාචාරය ගොඩනගාගැනීම සදහා අවශ්‍ය දැනුම එකිනෙකා අතර බෙදා දෙන්නේ භාෂාව මගිනි.
භාෂාව පුද්ගලයා පොලඹවයි
පුද්ගලයන් විවිධ මත දරුනු ලැබේ. සෑම පුද්ගලයකුම නිරන්තරයෙන් උත්සාහ කරනු ලබන්නේ තම මතය තහවුරු කිරීමටය. තම මතය වඩාත් වැදගත්ය,උචිතය,යන හැගීමෙන් අ මතයට නම්මවා ගන්නා ප්‍රධාන මෙවලම ලෙස භාෂාව හැදින්විය හැක.
උදා :-
දේශපාලකයන් ,දැන්වීම්කරුවන්,
වෙලෙන්දන් තම භාෂාව යොදා ගනු ලබන්නේ තම මතය තහවුරු කර ගැනීමටය.
භාෂාව සුහදත්වය ගොඩානංවයි.
මානව භාෂාවේ වැදගත් කාර්යභාරයක් ලෙස සමාජයේ සාමාජිකයන් අතර සුහදත්වය ,හොදහිත වර්ධනය කිරීම ඉදිරිපත් කල හැක. බොහෝ අවස්ථාවල අප යමක් ප්‍රකාශ කරන්නේ සුහදත්වය වැඩෙන ආකාරය .
උදා:-
සුභ උදෑසනක් , ආයුබෝවන්
භාෂාව රස නිපදවයි.
සාහිත්‍යයේදී ද අරමුණ වන්නේ පුද්ගලයා තුළ රසභාවයක් නිපදවීමයි. කවියෙකු විවිධ රස ජනනය කිරීම සදහා වචන භාවිතා කරන බව දක්නට ලැබේ. අනුප්රාස රසයන් බිහිකරනු ලබන්නේ වචන යොදා ගැනීමේ පිළිවෙළ අනුවය. මෙලෙසට භාෂාව තුළ විවිධ රසවින්දනයන් මතුකල හැක.
ඉහත කරුණු විමසා බැලීමේදි, භාෂාව යනු පුළුල් සංකීර්ණ සන්නිවේදන පද්ධතියක් බව පැහැදිලි වේ.
Subscribe to:
Posts (Atom)

